Monday, August 6, 2012

Galaxy Y අවුල් ගොඩY.




මගේ ඇන්ඩ්‍රොයිඩය Samsung Galaxy Y එකක් කියල මම කලින් කිව්ව නේ. අදට ඒක අරගෙන මාස  4ක් වෙනව.දැන් ටික ටික ලෙඩ මතුවෙන්න පටන් අරන්. මෙන්න ඒ ලෙඩ...

1. Resatart වීම. - හිටපු ගමන් ඒක සැරේට ඩෝං ගාල  Resatart වෙනව. ඒකට හේතුව Internal memory එක 15mb විතර තමයි free. මට පුලුවන් හැමදේම install කරල තියෙන හින්ද වෙන්න ඇති. මම ඒ internal Memory එකේ install වෙලා තියෙන apps SD චර්ඩ් එකට Move කලා. ඒත් තාම අවුල තියෙනව. මේකෙන් අත්මිදෙන්න තියෙන හොදමදේ වැඩිය Games Install කරාන්නෙ නැතිව අත්‍යාවශ්‍යම දේ පමණක් තබා ගැනීම තමයි.
2. හිටපුගමන් SD card නොපෙන්වීම. - මට ගැලැක්සියත් එක්ක ‍ෆ්‍රී ලැබුණු SD card එක 2GB හින්ද වෙනම කඩෙන් 4GB SD Card එකක් සෙට් කරගත්ත. ඒත් එකපාරටම ඒක පෙන්නන් නැතිවගියා. ඊට පස්සෙ ඉතින් ආයෙ පරණ 2GB එකටම මාරු උනා. දැන් නම් අවුලක් නැතිව වැඩ.
3. Recodings මැකීයාම. - Voice Recoder එකෙන් මම  දවසක් විනාඩි 10ක විතර Recoding පාරක් දැම්ම. හැබැයි ඊට පස්සෙන්ද බලන කොට එකක්වත් නෑ ඒව ඉබේම මැකිල. මාර අවුල. තාම ලිහාගත්තෙ නෑ ....
4. Images,Videos Invalid වීම. - දවසක් අපේ Party එකක කට්ටියක් හාන එකක් මම විඩියෝ කලා පස්සෙ උන් ටික Blackmail කරන්න. ඒත් ඊට පස්සෙන්ද ඒව PC එකට දැම්මම පෙන්නනෙ නෑ. Invalid File Format ලු. (අන්න බලන්න "චේතනාහං බිඛ්ඛවේ") හැබැයි PC එකට දන්න කලින් කීපසැරයක් Restart උනා. SD එකත් පිරෙන්න ඔන්න මෙන්න ගානට තිබුනෙ.
5. Call එකක ඉන්න අතරේ තව Call එකක් එනවිට Restart වීම. - දවස් දෙකක් මම බරපතල සාකච්ඡාවක ඉන්න අතරේ තවත් එකෙක් මට Call එකක් ගත්ත. මෙන්න බොලේ ඉබේම Restart  උනා. මේ ඊයෙ පෙරේදත් ඕකම මට ආයෙ සැරයක් උනා.
................බැද ගත්තානම් බෙරේ ගහපන් අබරෝ කිව්වලු...............

දැනට ලෙඩ මෙච්චරයි... තව ආවොත් කියන්නන් හොදේ......

Saturday, May 19, 2012

අනිවාර්යයෙන් ලඟ තියාගන්න..........

මා පහතින් දක්වන apps ඔබේ උපාංගයේ අනිවාර්යයෙන්ම install කරගත යුතු යැයි මා අදහස් කරමි. (But you can install alternatives if you prefer)

* Task Killer - මේ මගින් මේ මොහොත වනවිට run වන apps නවතා දැමිය හැක.
(මා මෙම apps තුනම install කරගෙන ඇත. ඒවායේ එකිනෙකට වෙනස් කාර්යයන් කිහිපයක්කරගත හැකි  නිසාය.)

* අපේ දේ අගයමු...


* Adobe apps

* Folder Lock - ඔබේ පෞද්ගලික තොරතුරු අන් අයගෙන් සගවා තැබිය හැක.
* Virus Guard - Virus, Worms හදුනාගෙන විනාශ කරයි.


* Google apps - දැනට ඔබේ උපාංගයේ Google apps කීපයක් ඇති අතර පහත ඒවා ඔබට අවශ්‍යනම් Install කරගත හැක.

* විනෝදාස්වාදයට

මෙම apps නොමිලේ බාගත කරගත හැක. ඔබේ පහසුව තකා ඒවා Play store මගින් සෙවුම් කලයුතු වචනයෙන්ම මෙහි දක්වා ඇත.
ඔබ මීට වඩා හොද apps ගැන දන්නවනම් අපිටත් කියන්න. අපේ අහිතක් නෑ......

පොඩි පොඩි වැඩ්ඩන් - 2


මම කලින් post එකෙන් පෙන්නුවෙ apps install  කිරීමේ සාමාන්‍ය හා අනුමත ක්‍රමය. නමුත් මේ ක්‍රමය සෑම විටම යොදාගත නොහැකි ක්‍රමයක්. මට වෙච්ච නිසා කියන්නෙ, මම පාවිච්චි කරන්නෙ Hutch sim එකක් අපේ පැත්තට Coverage (signal) අඩුයි. App එකක් ඩොව්න්ලෝඩ් කරන්න වරුවක් යනව. මට ඉවසන්න බෑ, එක හින්ද මම පහතින් විස්තර කරන්න යන ක්‍රමයට apps download කලා.
මෙන්න ක්‍රමේ.....

හැබැයි මේකේ අවධානම ඔබ සතුයි.


2. පරිගණකයට apps download කරගෙන ඉන්පසු උපාංගයට install කිරීම (Root කිරීම අවශ්‍ය නොවේ).


මේ ක්‍රමේදි සම්පූර්ණයෙන්ම පරිගණකයට අදාල app එක බාගත කරගෙන ඉන්පසු එය ඔබේ SD පතට copy කර උපාංගයට Install කරයි.

Step 1 .....
මේ සඳහා Google Chrome web browser එක ඔබේ පරිගණකයේ install කරගෙන එය update කරගන්න. එසේ කල යුත්තේ අප යොදගන්නේ Chrome Extension  එකක් නිසාවෙනි. එම  Chrome Extension  එකෙන් android market apps පරිගකයට බාගත කරගත හැක.

Step 2 .....

මෙම link එකට ගොස් එහි ඇති " APK Downloader 1.2.1"  link එක click කර APK downloader එක බාගතකර install කර ගන්න. 

Step 3 ...
SSL error warning ඉවත් කිරීම.
* මෙය අනිවාර්යයෙන්ම කලයුතු බව ඉහත link එකෙන් දැක්වූ පි‍ටුවේ සදහන් කර ඇත. ඒ සඳහා ඔබේ Google Chrome icon එක මත Right Click කර Properties මත Click කරන්න.

* ඉන්පසු පැමිණෙන Google Chrome Properties window එකේ Shortcut tabඑක මතට ගොස් එහි ඇති target නම් ස්ථනයට පහත පේලිය ඇතුලත් කරන්න.

(හිස්තැනක්)--ignore-certificate-errors 

* ඉන්පසු Google Chrome ඡ්ලොසෙ කර අප සකස් කල Shortcut එකෙන් නැවත Google Chrome විවෘත කරගන්න.

Step 4 .....
 APK Downloader 1.2.1 options සැකසීම.
* ඒ සඳහා Chrome වල ඇති setting/option button මත click කර tools වලින් Extensions ලබා ගන්න.


* ඉන්පසු පැමිණෙන  Extensions පි‍ටුවෙන් APK Downloader option මත Click කරන්න




* පැමිණෙන පි‍ටුවේ Options වලට අදාල තොරතුරු ලබා දෙන්න.




*** මෙහිදී email ලිපිනය වශයෙන් ඔබ Android Market එක සඳහා භාවිතා කරන email ලිපිනය ලබා දෙන්න.
*** එමෙන්ම Android Device Id එක ලබා ගැනීමට ඔබේ උපාංගයේ   *#*#8255#*#*  අංකය type කර එයට ඇමතුමක් ගන්න. එවිට පහත පරිදි ඔබේ උපාංගයේ තිරයක් ලැබේවි. මා රවුම් කර ඇත්තේ ඔබේ email ලිපිනය හා device ID එකයි.



* අදාල තොරතුරු ලබාදී log in click කරන්න.

Step 5....

* ඉන්පසු ඔබේ පරිගණකයෙන් Google Play වෙතට ගොස් app එකක් සොයාගෙන එහි download පි‍ටුවට යන්න.
* එම පි‍ටුව load වී අවසානයේ එහි address bar එකේ වම් පසින් පහත පරිදි කුඩා Icon එකක් දිස්වේවි. එය මත Click කරන්න සුළු මොහොතකින් ඔබේ app එක download වනු ඇති.




Step 6 ......
එලෙස  download වූ පසු ඔබේ උපාංගය පරිගණකයට සම්බන්ධ කර එහි SD Card එකට එම app එක copy කරන්න. 


Step 7 .....

* පිටතින් ගෙනැවිත් apps install කිරීම සඳහා ඔබේ උපාංගයේ settinngs සකස්කල යුතුය. ඒ සඳහා පහත පරිදි Launcher icon tap කර Settings වෙත පිවිසෙන්න.
* එහි applications tap කරන්න.



* අනතුරුව පමිණෙන තිරයේ Unknown Sources මත tap කර රූපයේ පරිදි Check කරන්න.

Step 7 .....
අවසානයේ ඔබේ app එක සොයාගෙන ඒ මත tap කර Application එක install කරන්න.

එච්චරයි ................ ලේසියි......................

(වැඩි විස්තර - http://codekiem.com/2012/02/24/apk-downloader/  තුලින් බලන්න. අමාරුමනම් comment කරන්න මම වැඩි විස්තර කියන්නම්)

පොඩි පොඩි වැඩ්ඩන්

Android කියන mobile OS එකේ තියෙන හොද අතරින් ලොකුම හොදක් තමයි එයට නොමිලේ බාගත කරගත හැකි Applications (Apps) ඉතා විශාල ගණනාවක් පැවතීම. අද අපි බලමු කොහොමද apps download කරගන්නෙ කියල.

මේ Post එකේ කරුණු සංවිධානය කරගැනීමේ පහසුවට මම apps download  කරගන්න පුළුවන් ආකාරයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ දක්වන්නම්.
1. Android Market එකෙන් කෙලින්ම උපාංගයට ලබාගෙන install කිරීම.
2. පරිගණකයට apps download කරගෙන ඉන්පසු උපාංගයට install කිරීම (Root කිරීම අවශ්‍ය නොවේ).

1. Android Market 
Step 1 ....
 Android Market app Icon (Play Store) එක ටැප් කරන්න.
Home Screen
main menu
Step 2.1
ඉන්පසු පැමිණෙන්නේ google apps (Google paly) වෙබ් අඩවියේ ප්‍රධාන පි‍ටුවයි. මෙම පි‍ටුව Swipe කරමින් ඔබට නොමිලේ ලබාදෙන apps පි‍ටුවට ගමන් කල හැක.






Step 2.2
එසේත් නැත්නම් එම පි‍ටුවේ ඉහලින් මතුවී ඇති අත් කාචය මත ටැප් කලවිට ඔබට අවශ්‍ය app එකේ නම ලබාදීම කල හැක.




Step 3 .....
ඉන්පසු ලැබෙන සෙවුම් ප්‍රතිඵලයෙන් ඔබට අවශ්‍ය app name මත ටැප් කර එහි විස්තර අඩංගු පි‍ටුවට යන්න.


Step 4 ......
ඉහතින් ලබාගත් පි‍ටුවේ Install Button මත ටැප් කල විට පහත පරිදි Accept & Download බොත්තම අඩංගු පි‍ටුව ලැබේ. එම බොත්තම ටැප් කරන්න.


Step 5 .....
අනතුරුව අදාල app එක බාගතවීම පහත පරිදි පෙන්වනවා ඇත.


එය බාගත වී අවසානයේ ඉබේම install වනු ඇත.


Monday, May 14, 2012

පොඩි පොඩි බොත්තම්

උපාංගයේ පිහිටීම




indicator icons/Notification Icons





** මේවා Samsung Galaxy Y වලට පොදු අතර අනෙක් උපාංග සම්බන්ධයෙන් වෙනස් වීමේ හැකියාවඇත.  **

මුල් තිරය

කලින් සාකච්ඡා කල පරිදි Google ගිණුම සම්බන්ධකර අවසානයේ ඔබට Home Screen දැක ගත හැක.

ඔබේ නිවසේ පරිගණකයේ මෙන් මෙම තිරයේද කොටස් කීපයක් අඩංගුවේ.

Status Bar - වේලාව, සංඥා ධාරිතාව, batteryයේ ප්‍රමාණය, Notification Icons මේ තුල අන්තර්ගතවේ.
Widget - Home Screen තුල සිට සෘජුව ක්‍රියාත්මක වන හෝ කල හැකි applications වේ.
Wallpaper - පි‍ටුපසින් ඇති පින්තූරය
Icons - Applications පෙන්වන කෙටි මං
Launcher Icon - මේ මගින් ප්‍රධාන මෙනුව ලබාගත හැක.

** මෙම තිරය තිර කීපයකින් සමන්විතය. එම තිර ලබා ගැනීමට wallpaper මතසිට වමට හෝ දකුණට drag කරන්න. ** 

උපාංගයේ Power  බොත්තම එබූ විට එය නිවී යයි. නැවත එය එබූ විට පහත පරිදි Lock screen ය මතුවේ.
එහි ඔබ කලින් ලබාදුන් patern එක ලබාදුන් විට (ඉදිරියේදී සාකච්ඡා කෙරේ) නැවත Home Screen මතුවේ.

මතු සම්බන්ධයි......................

මුල්ම වතාවට ඇන්ඩ්‍රොයිඩය සුරතල් කිරීම.

අපි මෙච්චර දවසක් මූද හත් ගව්වක් තියා අමුඩ ගැසුවේය. දැන් අමුඩය පන්නා දමා කලිසමට බහිමු.

Step 1
මුල්ම වතාවට ඇන්ඩ්‍රොයිඩයට සිම් පතක් ඇතුලත් කර එය ඔන් කල විට පහත පරිදි තිරයක් මතුවේවි.
මෙම තිරයේ ඇන්ඩ්‍රොයිඩ් සළකුණ මත tap කරන්න.

Step 2
දෙවනුවට මතුවන තිරයෙන් ඔබේ google ගිණුමට ඇතුලු වන්න. එය අනිවාර්යය වේ.
ඔබට අවශ්‍යනම් නව ගිණුමක් වුවද මෙතැනින්ම තනා ඔබේ ඇන්ඩ්‍රොයිඩයට සම්බන්ධ කළ හැක.
(රූපයේ Google Nexus දුරකථනයක තිරයක් දැක්වේ.)
මෙලෙස ඔබේ google ගිණුමට සම්බන්ධ වීමෙන් සියළු google සේවාවන් වල රසය අත් විදීමේ භාග්‍ය ඔබට නොමිලේම ලැබේ.

වැදගත්.....

  • ඔබට සිම් පතක් ඇතුලත් නොකොට වුවද ඔබේ උපාංගය ඔන් කළ හැක. එවිට Mobile services, data services ලබා ගැනීමේ හැකියාව ඔබට අහිමි වුවද, WiFi ජාලයකට සම්බන්ද වීම මගින් google ගිණුම හා සම්බන්ද විය හැක.
  • උපාංගයට පළමු වතාවාට සිම් පතක් යොදා ඔන් කරන විට පමණක් ඉහත පරිදි කල යුතු වුවත් එලෙස කර නැවත ඔන් කිරීමේදී සාමන්‍ය පරිදි Home Screen ලැබේ.


මතු සම්බන්ධයි......................

About Me