Monday, May 14, 2012

මුල් තිරය

කලින් සාකච්ඡා කල පරිදි Google ගිණුම සම්බන්ධකර අවසානයේ ඔබට Home Screen දැක ගත හැක.

ඔබේ නිවසේ පරිගණකයේ මෙන් මෙම තිරයේද කොටස් කීපයක් අඩංගුවේ.

Status Bar - වේලාව, සංඥා ධාරිතාව, batteryයේ ප්‍රමාණය, Notification Icons මේ තුල අන්තර්ගතවේ.
Widget - Home Screen තුල සිට සෘජුව ක්‍රියාත්මක වන හෝ කල හැකි applications වේ.
Wallpaper - පි‍ටුපසින් ඇති පින්තූරය
Icons - Applications පෙන්වන කෙටි මං
Launcher Icon - මේ මගින් ප්‍රධාන මෙනුව ලබාගත හැක.

** මෙම තිරය තිර කීපයකින් සමන්විතය. එම තිර ලබා ගැනීමට wallpaper මතසිට වමට හෝ දකුණට drag කරන්න. ** 

උපාංගයේ Power  බොත්තම එබූ විට එය නිවී යයි. නැවත එය එබූ විට පහත පරිදි Lock screen ය මතුවේ.
එහි ඔබ කලින් ලබාදුන් patern එක ලබාදුන් විට (ඉදිරියේදී සාකච්ඡා කෙරේ) නැවත Home Screen මතුවේ.

මතු සම්බන්ධයි......................

0 comments:

About Me