Monday, August 6, 2012

Galaxy Y අවුල් ගොඩY.




මගේ ඇන්ඩ්‍රොයිඩය Samsung Galaxy Y එකක් කියල මම කලින් කිව්ව නේ. අදට ඒක අරගෙන මාස  4ක් වෙනව.දැන් ටික ටික ලෙඩ මතුවෙන්න පටන් අරන්. මෙන්න ඒ ලෙඩ...

1. Resatart වීම. - හිටපු ගමන් ඒක සැරේට ඩෝං ගාල  Resatart වෙනව. ඒකට හේතුව Internal memory එක 15mb විතර තමයි free. මට පුලුවන් හැමදේම install කරල තියෙන හින්ද වෙන්න ඇති. මම ඒ internal Memory එකේ install වෙලා තියෙන apps SD චර්ඩ් එකට Move කලා. ඒත් තාම අවුල තියෙනව. මේකෙන් අත්මිදෙන්න තියෙන හොදමදේ වැඩිය Games Install කරාන්නෙ නැතිව අත්‍යාවශ්‍යම දේ පමණක් තබා ගැනීම තමයි.
2. හිටපුගමන් SD card නොපෙන්වීම. - මට ගැලැක්සියත් එක්ක ‍ෆ්‍රී ලැබුණු SD card එක 2GB හින්ද වෙනම කඩෙන් 4GB SD Card එකක් සෙට් කරගත්ත. ඒත් එකපාරටම ඒක පෙන්නන් නැතිවගියා. ඊට පස්සෙ ඉතින් ආයෙ පරණ 2GB එකටම මාරු උනා. දැන් නම් අවුලක් නැතිව වැඩ.
3. Recodings මැකීයාම. - Voice Recoder එකෙන් මම  දවසක් විනාඩි 10ක විතර Recoding පාරක් දැම්ම. හැබැයි ඊට පස්සෙන්ද බලන කොට එකක්වත් නෑ ඒව ඉබේම මැකිල. මාර අවුල. තාම ලිහාගත්තෙ නෑ ....
4. Images,Videos Invalid වීම. - දවසක් අපේ Party එකක කට්ටියක් හාන එකක් මම විඩියෝ කලා පස්සෙ උන් ටික Blackmail කරන්න. ඒත් ඊට පස්සෙන්ද ඒව PC එකට දැම්මම පෙන්නනෙ නෑ. Invalid File Format ලු. (අන්න බලන්න "චේතනාහං බිඛ්ඛවේ") හැබැයි PC එකට දන්න කලින් කීපසැරයක් Restart උනා. SD එකත් පිරෙන්න ඔන්න මෙන්න ගානට තිබුනෙ.
5. Call එකක ඉන්න අතරේ තව Call එකක් එනවිට Restart වීම. - දවස් දෙකක් මම බරපතල සාකච්ඡාවක ඉන්න අතරේ තවත් එකෙක් මට Call එකක් ගත්ත. මෙන්න බොලේ ඉබේම Restart  උනා. මේ ඊයෙ පෙරේදත් ඕකම මට ආයෙ සැරයක් උනා.
................බැද ගත්තානම් බෙරේ ගහපන් අබරෝ කිව්වලු...............

දැනට ලෙඩ මෙච්චරයි... තව ආවොත් කියන්නන් හොදේ......

About Me