Tuesday, April 24, 2012

Android ගැන හොදවයින් දෙකක් කියමි.


වර්ථමානයේ ලෝකයේ නම කියුසැනින්  දන්නා ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති 2කි. එනම් Apple iOS හා Android ය. ඉන් ලොව පුරා සෑම තත්පරයක් තුලම විකිණෙන ජංගම උපාංග වලින් 13කම ඇත්තේ Android ය.

1. අතීතය
Android  නිර්මාණය වීම ඇරඹුනේ 2001 වසරේ Andy Rubyn ඇතුළු පිරිසක් විසිනි. ඉන්පසු 2003 වසරේ Android incoperation නම් ආයතනය පිහිටවනු ලැබීය. වසර 2005 දී බංකොලෝත් වෙමින් තිබූ මෙම ආයතනය Google සමාගම විසින් මිලට ගෙන එය ජංගම උපාංග සඳහා සුදුසු මෙහෙයුම් පද්ධතියක් ලෙස නවීකරණය වීම ආරම්භ කළේය. 2007 වසරේ ප්‍රථම Android  ජංගම මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරනු ලදී.

2. වැදගත් කරුණු
Android නිපදවා ඇත්තේ Linux Kernel භාවිතයෙන් ය. එම කර්නලය Ubuntu වැනි මෙහෙයුම් පද්ධති වලත් පාදම වන නිසාත් විවෘත කේත ගණයට අයත් නිසාත් තවමත් Windows වලට සාපේක්ෂව Virus ඉතා අඩුය. Android සම්බන්ධයෙන් නම් තවමත් Virus වලින් තොරය. Android කේත සටහන තුල XML , C , java , C++ කේත සටහන් අන්තර්ගතය. එසේම වර්ථමානය වනවිට නොමිලේ ලබාගත හැකි මෘදුකාංග (Apps) බිලියන ගනණක් Android Market / google play තුලින් බාගත කරගත හැකිය.

Sunday, April 22, 2012

2. වැඩ ඉගෙන ගන්න දගලපු දැගලිල්ල


Samsung Galaxy Y එකත් එක්ක එන්නෙ Android 2.3.6 version එක. අල්ලපු පළමු වතාවෙ ඉදල ඒක ටිකක හුරුපුරුදු බවක් දැනුන.
අමතක උනානෙ ගන්න කොට කඩේ පොර මට උපදෙස් සමූහයක් දුන්න ඒව තමයි  මේව,
"මල්ලී,
1.  Phone එක Off කරල පැය 6 ක් Battary ය Charge කරන්න.
2. Software එක Update කරන්න එපා එහෙම වුනොත් warranty Cancel වෙනව.
3. Market එකෙන් විතරක් App Download කරන්න.
4. Task Killer Install කරගන්න එතකොට battary බහින එක අඩු වෙනව.
හොදේ................"

Android Version ටික මෙතැනින් බලන්න.
http://developer.android.com/resources/dashboard/platform-versions.html
http://en.wikipedia.org/wiki/Android_version_history


තවත් කොටසක් තව ටිකකින්.....................................

1. ගන්න කලින් මම කාපු කට්ට.


1.1. තීරණයක් ගැනීම.

අමාරුම වැඩේ උනේ Phone එකක් ගන්න ඕන කියල තීරණයක් ගන්න එක. මම කලින් පාවිච්චි කළේ Nokia 1200 වර්ගයේ තිරය නොපෙනෙන ජංගම දුරකථනයකි.
යම් ආරවුලක් මත මා එය ඇගේ තියෙන උපරිම වේගයෙන් වරක් පොළවේ ගැසුවෙමි. වැඩේ කියන්නේ ඒ phone එක මාවම කන්න ආපු එකක් ද කොහෙද අරන් කෑලි ටික සෙට් කරාම කිසිම අවුලක් නැතිව වැඩ  කලේය. මට ආපු තරහට කිහිප වරක් පොළවේ ගසාගෙන ගසාගෙන ගියෙමි. ඉන්පසු එලකිරි සේ phone එක අභාවප්ප්‍රාප්ත විය.
අළුත් ජංගම දුරකථනයක් මිලදී ගත යුතු බවට මා තීරණය කළේ ඉන් පසුවය.


1.2. මිලදී ගතයුතු වර්ගය තීරණය කිරීම
මට ගොඩක්ම ලේසි වුනේ මේක. මම තීරණයකට ආව අයෙ මැරෙනතුරා හෙනහුරු Nokia මට එපා කියල. ඒ වගේම China වලටත් මම කලින් ඉදලම අකමැතියි. ඉතින් මට ගන්න ඉතුරු වුනේ වර්ග කීපයයි. Samsung, Sonyericcson,Motorola,LG, HTC වගේ කීපයයි. මුලින් ම අතේ තියෙන ගානට (රු.22000) හරියන්න එම එක් එක් වර්ග වලින් ගුණාත්මක අතින් ඉහලම phone එක ගැන විපරම් කලා. LG Optimus එකක් බලන්න මාතර abans එකට ගියා. වෙලාවට එතන තිබුනෙ නෑ, දවස් දෙකකින් ගෙනත් දෙන්නන් කියල කිව්ව. ඉතින් මම prices තියෙන කොලයක් ඉල්ලන් ආපහු ආව.  ඊට පස්සෙ Samsung Champ 3G එකක් ගන්න මාතර Mobitel එකට ගියා. එතන තිබුනත් මගේ හිතට හරිගියේ නෑ. ඉතින් මම Champ එක පැත්තකින් තියල samsung android Phone එකක් ගැන හිතුව.



1.3. වෙළෙඳ පොළ සමීක්ෂණය හා මිලදී ගැනීම
අන්තර්ජාලයෙන් හෙව්ව, http://www.gsmarena.com මේ සයිට් එක ගොඩක් උපකාර උනා. නමුත් http://www.slmpriceindex.com එකේ තිබුන මිලගනන් බලල ඒකෙ තිබුන තැන් වලින් Telesciense Cellular,453, Galle rd, col-06  කියන ආයතනයෙන් Samsung Galaxy Y එකක් රු.20500 කට මිලදී ගතිමි.
නියම මිළ ගණන් මෙතැනින් බලන්න


මම ඇන්ඩරොයිඩයක් ගතිමි.


සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ මමත් ගත්ත Android තියෙන Samsung Galaxy y  වර්ගයේ ස්මාර්ට් පෝන් එකක්. අම්මෝ ඒකෙ තියෙන ස්මාර්ට් ගතිය. මගෙ හදුං පොත්ත හීතල වෙල ගියා. සත්තයි!..........
හරි දැන් ඒක ගත්තනෙ. blog එක පටන් ගත්තෙ ඒක ගත්ත වග සියලු ලෝක සත්වයාගේ දැන ගැනීම පිණිස නෙවෙයි (ඒක ඔටෝමැටිකලි වෙනව). පහත දැක්වෙන කරුණු පාඨක ඔබට සම්ප්‍රේශණය කරන්න.
1. පෝං එක ගන්න කලින් මම කාපු කට්ට
2. අරන් ඒකෙ වැඩ ඉගෙන ගන්න දගලපු දැගලිල්ල
3. දැන් හිතට දැනෙන සැප
4. සැපෙන් පස්සෙ දැනෙන මෙව්ව එක (නිස්කාරණබව)
මින් මතුවට මා දක්වන සියළු කරුණු සථ්‍ය හා නිවැරදි බවත් කිසිවක් පච නොවන බවත් මගේ දැනුමේ හැටියට මා ලද සථ්‍ය අත්දැකීම් බවත් මෙයින් කතරගම දෙවියන් පල්ලා කියා ප්‍රතිඥා දෙමි.

About Me