Saturday, May 19, 2012

පොඩි පොඩි වැඩ්ඩන් - 2


මම කලින් post එකෙන් පෙන්නුවෙ apps install  කිරීමේ සාමාන්‍ය හා අනුමත ක්‍රමය. නමුත් මේ ක්‍රමය සෑම විටම යොදාගත නොහැකි ක්‍රමයක්. මට වෙච්ච නිසා කියන්නෙ, මම පාවිච්චි කරන්නෙ Hutch sim එකක් අපේ පැත්තට Coverage (signal) අඩුයි. App එකක් ඩොව්න්ලෝඩ් කරන්න වරුවක් යනව. මට ඉවසන්න බෑ, එක හින්ද මම පහතින් විස්තර කරන්න යන ක්‍රමයට apps download කලා.
මෙන්න ක්‍රමේ.....

හැබැයි මේකේ අවධානම ඔබ සතුයි.


2. පරිගණකයට apps download කරගෙන ඉන්පසු උපාංගයට install කිරීම (Root කිරීම අවශ්‍ය නොවේ).


මේ ක්‍රමේදි සම්පූර්ණයෙන්ම පරිගණකයට අදාල app එක බාගත කරගෙන ඉන්පසු එය ඔබේ SD පතට copy කර උපාංගයට Install කරයි.

Step 1 .....
මේ සඳහා Google Chrome web browser එක ඔබේ පරිගණකයේ install කරගෙන එය update කරගන්න. එසේ කල යුත්තේ අප යොදගන්නේ Chrome Extension  එකක් නිසාවෙනි. එම  Chrome Extension  එකෙන් android market apps පරිගකයට බාගත කරගත හැක.

Step 2 .....

මෙම link එකට ගොස් එහි ඇති " APK Downloader 1.2.1"  link එක click කර APK downloader එක බාගතකර install කර ගන්න. 

Step 3 ...
SSL error warning ඉවත් කිරීම.
* මෙය අනිවාර්යයෙන්ම කලයුතු බව ඉහත link එකෙන් දැක්වූ පි‍ටුවේ සදහන් කර ඇත. ඒ සඳහා ඔබේ Google Chrome icon එක මත Right Click කර Properties මත Click කරන්න.

* ඉන්පසු පැමිණෙන Google Chrome Properties window එකේ Shortcut tabඑක මතට ගොස් එහි ඇති target නම් ස්ථනයට පහත පේලිය ඇතුලත් කරන්න.

(හිස්තැනක්)--ignore-certificate-errors 

* ඉන්පසු Google Chrome ඡ්ලොසෙ කර අප සකස් කල Shortcut එකෙන් නැවත Google Chrome විවෘත කරගන්න.

Step 4 .....
 APK Downloader 1.2.1 options සැකසීම.
* ඒ සඳහා Chrome වල ඇති setting/option button මත click කර tools වලින් Extensions ලබා ගන්න.


* ඉන්පසු පැමිණෙන  Extensions පි‍ටුවෙන් APK Downloader option මත Click කරන්න




* පැමිණෙන පි‍ටුවේ Options වලට අදාල තොරතුරු ලබා දෙන්න.




*** මෙහිදී email ලිපිනය වශයෙන් ඔබ Android Market එක සඳහා භාවිතා කරන email ලිපිනය ලබා දෙන්න.
*** එමෙන්ම Android Device Id එක ලබා ගැනීමට ඔබේ උපාංගයේ   *#*#8255#*#*  අංකය type කර එයට ඇමතුමක් ගන්න. එවිට පහත පරිදි ඔබේ උපාංගයේ තිරයක් ලැබේවි. මා රවුම් කර ඇත්තේ ඔබේ email ලිපිනය හා device ID එකයි.



* අදාල තොරතුරු ලබාදී log in click කරන්න.

Step 5....

* ඉන්පසු ඔබේ පරිගණකයෙන් Google Play වෙතට ගොස් app එකක් සොයාගෙන එහි download පි‍ටුවට යන්න.
* එම පි‍ටුව load වී අවසානයේ එහි address bar එකේ වම් පසින් පහත පරිදි කුඩා Icon එකක් දිස්වේවි. එය මත Click කරන්න සුළු මොහොතකින් ඔබේ app එක download වනු ඇති.




Step 6 ......
එලෙස  download වූ පසු ඔබේ උපාංගය පරිගණකයට සම්බන්ධ කර එහි SD Card එකට එම app එක copy කරන්න. 


Step 7 .....

* පිටතින් ගෙනැවිත් apps install කිරීම සඳහා ඔබේ උපාංගයේ settinngs සකස්කල යුතුය. ඒ සඳහා පහත පරිදි Launcher icon tap කර Settings වෙත පිවිසෙන්න.
* එහි applications tap කරන්න.



* අනතුරුව පමිණෙන තිරයේ Unknown Sources මත tap කර රූපයේ පරිදි Check කරන්න.

Step 7 .....
අවසානයේ ඔබේ app එක සොයාගෙන ඒ මත tap කර Application එක install කරන්න.

එච්චරයි ................ ලේසියි......................

(වැඩි විස්තර - http://codekiem.com/2012/02/24/apk-downloader/  තුලින් බලන්න. අමාරුමනම් comment කරන්න මම වැඩි විස්තර කියන්නම්)

3 comments:

ChAwWaZ said...

Elaz mcn fattazzzzz

ChAwWaZ said...

Fattazz (Y) (Y) (Y)

ChAwWaZ said...

(Y)

About Me