Saturday, May 19, 2012

පොඩි පොඩි වැඩ්ඩන්

Android කියන mobile OS එකේ තියෙන හොද අතරින් ලොකුම හොදක් තමයි එයට නොමිලේ බාගත කරගත හැකි Applications (Apps) ඉතා විශාල ගණනාවක් පැවතීම. අද අපි බලමු කොහොමද apps download කරගන්නෙ කියල.

මේ Post එකේ කරුණු සංවිධානය කරගැනීමේ පහසුවට මම apps download  කරගන්න පුළුවන් ආකාරයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ දක්වන්නම්.
1. Android Market එකෙන් කෙලින්ම උපාංගයට ලබාගෙන install කිරීම.
2. පරිගණකයට apps download කරගෙන ඉන්පසු උපාංගයට install කිරීම (Root කිරීම අවශ්‍ය නොවේ).

1. Android Market 
Step 1 ....
 Android Market app Icon (Play Store) එක ටැප් කරන්න.
Home Screen
main menu
Step 2.1
ඉන්පසු පැමිණෙන්නේ google apps (Google paly) වෙබ් අඩවියේ ප්‍රධාන පි‍ටුවයි. මෙම පි‍ටුව Swipe කරමින් ඔබට නොමිලේ ලබාදෙන apps පි‍ටුවට ගමන් කල හැක.






Step 2.2
එසේත් නැත්නම් එම පි‍ටුවේ ඉහලින් මතුවී ඇති අත් කාචය මත ටැප් කලවිට ඔබට අවශ්‍ය app එකේ නම ලබාදීම කල හැක.




Step 3 .....
ඉන්පසු ලැබෙන සෙවුම් ප්‍රතිඵලයෙන් ඔබට අවශ්‍ය app name මත ටැප් කර එහි විස්තර අඩංගු පි‍ටුවට යන්න.


Step 4 ......
ඉහතින් ලබාගත් පි‍ටුවේ Install Button මත ටැප් කල විට පහත පරිදි Accept & Download බොත්තම අඩංගු පි‍ටුව ලැබේ. එම බොත්තම ටැප් කරන්න.


Step 5 .....
අනතුරුව අදාල app එක බාගතවීම පහත පරිදි පෙන්වනවා ඇත.


එය බාගත වී අවසානයේ ඉබේම install වනු ඇත.


0 comments:

About Me