Sunday, May 6, 2012

සැලකිළිමත්වන්න.


Galaxy ය භාවිතයේ දී ඔබ සැලකිළිමත් විය යුතු කරුණු.


1. මූණ ‍රැක ගැනීම (Screen)
Galaxy යේ තිරය පූර්ණ ස්පර්ෂ සංවේදී (Full Touch) තිරයක් වනනිසා පහත කරුණු ගැන සැලකිළිමත් වන්න.

  • මෙම තිරය ක්‍රියාත්මක වනුයේ ඔබේ ඇගිලි වල ඇති ස්තිථි විද්‍යුතය අනුසාරයෙන් වන නිසා සෑම විටම ඇගිලි භාවිතයෙන් තිරය හසුරවන්න.
  • වෙනත් විදුලිය භාවිතා කරන උපාංග තිරය මත ගැටීම වළක්වන්න.
  • ජලය, පින්න සමග ගැටීමෙන් තිරය නිවැරදිව ක්‍රියාත්මක නොවනු ඇති.
  • තිරය ආරක්ශා කිරීමට යොදා ඇති ස්ටිකරය එසේම තිබෙන්නට හරින්න. එවැන්නක් නොමැතිනම් හැකි ඉක්මනින් එකක් යොදාගෙන තිරය ‍රැක ගන්න.
  • තිරය ස්පර්ෂ කිරීමට තියුණු උපාංග භාවිතා නොකරන්න.


2. පණ ‍රැක ගැනීම (Battery)

  • විදුලි බලය 20% කට වඩා අඩු වූ විට පමණක් Recharge කරන්න.
  • මසකට වරක් වත් බලය බින්දුවටම බස්සවා දුරකථනය ක්‍රියා විරහිත කර 100%ක් දක්වා Recharge කරන්න.(මේ තුලින් battery යේ ආයුකාලය වැඩි වේ. )
  • Bluetooth, wifi, data services, GPS වැනි සේවා භාවිතා නොකරන අවස්ථාවල ක්‍රියා විරහිත කර තැබීමෙන් විදුලිය වැයවීම අවම කරගත හැක.
  • Task Killer app එකක් භාවිතා කර සෑම විටම අනවශ්‍ය සේවා ක්‍රියාත්මක වීම වලක්වන්න. 
  • තිරයේ Brightness අඩුකිරීමෙන් විදුලිය වැයවීම අඩු වේ. 
  • තිරයේ දැල්වී තිබෙන කාලය අඩුකරන්න. (Screen timeout)
ඉවරායි...............................................

0 comments:

About Me