Monday, May 14, 2012

මුල්ම වතාවට ඇන්ඩ්‍රොයිඩය සුරතල් කිරීම.

අපි මෙච්චර දවසක් මූද හත් ගව්වක් තියා අමුඩ ගැසුවේය. දැන් අමුඩය පන්නා දමා කලිසමට බහිමු.

Step 1
මුල්ම වතාවට ඇන්ඩ්‍රොයිඩයට සිම් පතක් ඇතුලත් කර එය ඔන් කල විට පහත පරිදි තිරයක් මතුවේවි.
මෙම තිරයේ ඇන්ඩ්‍රොයිඩ් සළකුණ මත tap කරන්න.

Step 2
දෙවනුවට මතුවන තිරයෙන් ඔබේ google ගිණුමට ඇතුලු වන්න. එය අනිවාර්යය වේ.
ඔබට අවශ්‍යනම් නව ගිණුමක් වුවද මෙතැනින්ම තනා ඔබේ ඇන්ඩ්‍රොයිඩයට සම්බන්ධ කළ හැක.
(රූපයේ Google Nexus දුරකථනයක තිරයක් දැක්වේ.)
මෙලෙස ඔබේ google ගිණුමට සම්බන්ධ වීමෙන් සියළු google සේවාවන් වල රසය අත් විදීමේ භාග්‍ය ඔබට නොමිලේම ලැබේ.

වැදගත්.....

  • ඔබට සිම් පතක් ඇතුලත් නොකොට වුවද ඔබේ උපාංගය ඔන් කළ හැක. එවිට Mobile services, data services ලබා ගැනීමේ හැකියාව ඔබට අහිමි වුවද, WiFi ජාලයකට සම්බන්ද වීම මගින් google ගිණුම හා සම්බන්ද විය හැක.
  • උපාංගයට පළමු වතාවාට සිම් පතක් යොදා ඔන් කරන විට පමණක් ඉහත පරිදි කල යුතු වුවත් එලෙස කර නැවත ඔන් කිරීමේදී සාමන්‍ය පරිදි Home Screen ලැබේ.


මතු සම්බන්ධයි......................

0 comments:

About Me